ජනපති රනිල් සහ බිල් ගේට්ස් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ගේට්ස් අතර හමුවක් අද (03) සිදුවිය.

මයික්‍රොසොෆ්ට් සමාග‍මේ සම-ආරම්භක මෙන්ම මේ වසරේදීත් ලෝකයේ ධනවතුන් අතර සිටින්නකු වන බිල් ගේට්ස් හා ශ්‍රී ලංකා ජනපති අතර මෙම හමුව සිදුව ඇත්තේ ඩුබායි à·„à·’ එක්ස්පෝ සිටි à·„à·’ පැවත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COඵ් 28) අතරතුරදී ය.

ගෝලීය අභියෝග සහ නිවර්තන කලාපය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි නායකත්වය හා කෘෂිකාර්මික නවීකරණය, දත්ත පද්ධති, දේශගුණික විශේෂඥතාව, ආහාර සුරක්ෂිතතාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

ඊට අදාළ දත්ත පද්ධතියක් පිහිටුවීම මෙන්ම දේශගුණික විශේෂඥතාව වෙනුවෙන්“Bill & Melinda Gates" පදනම හරහා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහය දීමට බිල් ගේට්ස් මෙහිදී ජනාධිපතිවරයා වෙත සහතික කර ඇත.




menu
menu