අධිවේගී මාර්ගයේ යන සැමට දැනුම් දීමක්

අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50 ක පරතරයක් තබාගෙන රිය ධාවනයේ යෙදෙන ලෙස අධිවේගී රථවාහන පොලීසිය දැනුම්දෙයි.

මේ පිළිබඳ දැනුවත් කරමින් අධිවේගී මාර්ගවල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අවවාදාත්මක විද්‍යුත් පුවරු ද ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වේ.

අධිවේගී රථ රථවාහන පොලීසිය වැඩිදුරටත් රියැදුරන් වෙත දැනුම් දෙන්නේ අඳුරු ආලෝකයක් පවතින හෙයින් වාහනවල ඉදිරි විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙස ය.

menu
menu