ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන ලංකාවේ ශෙමාරා  

ඕස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක තේරී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරීනිය බවට ඇය පත් වන්නේ අඛණ්ඩව තෙවන වරටයි.

2023 වසරට අදාළව නිකුත් කරන ලද Australian Financial Review නවතම සමීක්ෂණ වාර්තාව අනුව ශෙමාරා මෙවරද විධායක ක්ශේත්‍රයේ ඉහළම වැටුප් ලබන්නන් අතට එක්වී තිබේ.

එමෙන්ම ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනාගේ ලැයිස්තුවේ ඇතුළත් වන කාන්තාවන් දෙදෙනා අතරින් ඇය එක් අයෙක්.

විදෙස් මාධ්‍ය පවසන්නේ ප්‍රකට මූල්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනිය වන ඇයගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 30කට අධික බවට තක්සේරු කර ඇති බවයි.

menu
menu