රජයේ සේවකයෝ වැඩ වර්ජනයකට සැරසෙති

එළැඹෙන දෙසැම්බර් 12 වැනි දින සියලුම රාජ්‍ය ආයතනවල එක් දින වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය එකමුතුව ප්‍රකාශ කර සිටී.

රජය විසින් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බවට පොරොන්දු වු රුපියල් 10,000 දීමනාව එළැඹෙන ජනවාරි මස සිට ලබා දෙන ලෙසට රජයට බල කිරීමක් වශයෙන් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය කර තිබේ.

menu
menu