නාගරික නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට

නාගරික නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර ලබන පෙබරවාරි මාසයේ සිදු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා සඳහන් කළේ, මේ යටතේ කොළඹ ඇතුළු සෑම දිස්ත්‍රික්කයකම පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට පවරන බවයි.

එවැනි නිවාස 52000 ක් පමණ මේ වනවිට හඳුනා ගෙන තිබේ.

ඉන් 50% ක ඔප්පු ප්‍රදානය පළමු අදියරේදී සිදු කෙරෙනු ඇත.

අයවැය යෝජනාවක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ කඩිනමින් අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

menu
menu