නාලක ද සිල්වා නිදහස්

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (06) නියෝග කරන ලදී.

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබුණි.

අද නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ, නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

menu
menu