ජනතාවටම අධිකරණයේ ස්වාධීනත්වය අවශ්‍යයි - අමාත්‍ය විජයදාස රාජපක්ෂ-   

විනිසුරුවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සිදු කළ චෝදනාවක් සම්බන්ධයෙන්,

අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවද හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා කියා සිටියේ තමා මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත්, එම සමස්ත ජනතාවටම අධිකරණයේ ස්වාධීනත්වය අවශ්‍ය බවයි.

මෙහිදී අමාත්‍යවරයා ස්වකීය අදහස් දක්වමින්,

"මම පෙනී සිටින්නේ මේ රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන්. මොකද එම සමස්ථ ජනතාවටම අධිකරණයේ ස්වාධීනත්වය අවශ්‍යයි. රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ,ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට කළේ අසාධාරණ චෝදනවාක් .වැරැද්දක් සිදු වුණා අඩුම තරමේ ඒ සම්බන්ධයෙන් කණගාටුව හෝ ප්‍රකාශ කරන්න"

menu
menu