රතු බිල් ගැන පණිවිඩයක්

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලබන බව එහි සඳහන්ව ඇත.

සාමාන්‍යයෙන් රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගතවු පසුව බවත් ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙන බවත් සඳහන් කර ඇති විදුලිබල මණ්ඩලය, විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුව බවද දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් 2023 වසරේ මුල් මාස 10 තුළදී විදුලිය විසන්ධි කිරීම් හා නැවත සම්බන්ධ කිරීම් 544,488ක් සිදුකර ඇතැයි ද විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ලංවිම විසින් 2016 වසරේ සිට 2023 ඔක්තෝම්බර් මාසය දක්වා කාලය තුළ සිදුකළ විදුලිය විසන්ධිකිරීම් සහ නැවත සම්බන්ධ කිරීම්වල විස්තර පහත දක්වා ඇත.

2023 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා පාරිභෝගිකයින් විසින් ගෙවිය යුතු හිඟ මුදල මාසවලින් පහත වගුවේ දක්වා ඇත. මෙහිදි හිඟ මුදල වැඩිවීමක් පෙන්නුම් නොකරයි.

ලංකා විදුලිබල මණ්ඩලය හඳුන්වාදුන් ඊ බිල් (e-bill) පත් ක්‍රමවේදය අනුව රතු බිල්පත් නිකුත් කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් පවතින බව ද පෙන්වා දී ඇති එම මණ්ඩලය ඒ වෙනුවට ඉතා ඉක්මනින් හිඟ මුදල SMS මඟින් පාරිභෝගිකයන් වෙත දැනුම් දෙන බව ද සඳහන් කර ඇත.

menu
menu