කැළණි විශ්වවිද්‍යාල සිසුන් අරගලයක

කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් හැර අනෙක් සියලුම සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් ඉවත් වන ලෙස පාලනාධිකාරිය විසින් පසුගිය දා දැනුම් දෙන ලදී.

මෙම තත්ත්වය තුල සිසුන් පිරිසක් තවදුරටත් එම විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටිති.

වාර්තා වන්නේ, ඔවුන් හැලි වලංගෙන ගෙනවිත් විශ්ව විද්‍යාල භූමියේම ආහාර පිසගනිමින් තම ආහාර පිළියෙල කරගන්නා බවය.

මෙම සිසුන් පෙන්වා දෙන්නේ පාලකයන් විසින් පවතින ගැටලුවට විසඳුම් දීම මිස විශ්ව විද්‍යාලය වසා දැමීම ගැටළුවට පිළිතුරක් නොවන බවයි.

සරසවියේ ආරක්ෂක අංශ නිලධාරියකු විසින් සිසුවෙකුගේ මවකට සිදු කළේ යැයි කියන ලිංගික අතවරයක් මූලික කරගනිමින් අර්බුදකාරී තත්ත්වයක් මතු වූ අතර එහිදී සිසුන්ගේ මැදිහත්වීම සමඟ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය.

මෙම ගැටුම්කාරී තත්ත්වය හමුවේ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමූ අතරම එය සිසුන්ට තහනම් පරිශ්‍රයක් බවට පත් කිරීමට පියවර ගන්නා ලදී.

සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ සිදු වෙමින් පවතී.

menu
menu