විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලෝකයට, මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා සුදු සහ කළු පැහැති මෝස්තරයක් සහිත සාටකයක් පැළඳ අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය.

එම සාටකය පළඳිමින් විපක්ෂ නායකවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගී වූ බව සඳහන්ය.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

"දෙපැත්තේම සිවිල් ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ප්‍රහාර අප ප්‍රතික්ෂේප කරන බවත් මව්වරුන්, දරුවන්, සිවිල් පුරවැසියන් මිය යෑම හා ඝාතනය වීම සමූල ඝාතන සංහාර ප්‍රතික්ෂේප කරන අතර ලෝක සාමය ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම පෙනී සිටිනවා." යන්නයි

menu
menu