විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ හැසිරෙන්නෙත් පාසැල් කාලේ වගේමයි  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය ඉතාම සාර්ථක අයවැයක් බව ප්‍රත්‍යක්ෂ වන්නේ විපක්ෂයේ අන්දමන්ද ස්වරූපයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික, කොළඹ දිස්ත්‍රික් කළමණාකරු ලසන්ත ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

එතුමා මෙම අදහස් දැක්වූයේ ඊයේ (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී විපක්ෂනායකවරයාගේ පාර්ලිමේන්තු හැසිරීම පිළිබඳව අදහස් දැක්වූ ලසන්ත ගුණවර්ධන මහතා,

“සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මේ හැසිරීම දිහා බැලුවහම, එතුමා පාසැල් යන කාලේ ඉඳලා, එතුමා මගේ පාසැලේ මිතුරෙක් විදියට මම කියන්න ඕනේ අපි දෙන්නා 1978 එකම පන්තියේ අවුරුදු 3ක් හිටියා. එතුමාගේ හැසිරීම ගැන, එතුමාගේ ක්‍රියාකලාපය ගැන, එතුමාගේ බොහෝ දේවල් ගැන අපි හොඳින් දන්නවා.

එතුමා හරි ක්‍රමයට නෙවෙයි පාසැල් මාරු කරේ. එතුමා කොල්ලුපිටියෙ ශාන්ත තෝමස් ප්‍රෙප් විද්‍යාලයේ ඉඳලා රාජකීය විද්‍යාලයට ආවේ 77 එක්සත් ජාතික පක්ෂය බලයට පත්වුනාට පස්සේ. ඒ දේශපාලනය තුලින් තමා එතුමාට රාජකීය විද්‍යාලයට ඇතුලත් වෙන්න හම්බ වුනේ. තාත්තා අගමැති වෙච්ච නිසා. ඊට පස්සේ එතුමා දිගින් දිගටම රාජකීය විද්‍යාලය කියලා කිව්වට එතුමා අවුරුදු 3යි රාජකීය විද්‍යාලයේ හිටියේ.

ඒ අවුරුදු 3 තුල එතුමා හරි අධ්‍යාපනයක් ලබා ගත්තා නම් එතුමා අද මේ විදියට හැසිරෙන්නේ නැහැ.

එතුමා කතා කරද්දි කියනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා, එතුමා ක්‍රිකට් ගැහුවද කියලා අපි නම් දන්නේ නැහැ. මම දන්න තරමින් එතුමා අරුරුදු 13න් පහළ C කණ්ඩායමෙත් අන්තිමයා විදියට තමා හිටියේ.

එතුමාගේ මේ හැසිරීම පාසැල් යන කාලයෙත් තිබුනා.

එතුමාගේ හැසිරීම අදත් ඒ වගේමයි. හොඳ අයවැයක් ඉදිරිපත් කරලා තියෙද්දී එතුමා දුවන්නේ වැරදි මිනිහා පිටිපස්සේ. ඒක නිසා අයවැය විවේචනය කරන්න එතුමාට අවස්ථාව නැහැ. මොකද වෙනත් දේවල් පිටිපස්සේ දුවන නිසා.

එතුමා කියනවා එතුමා හොඳ අධ්‍යාපනයක් ලබාගත්තා. පාර්ලිමේන්තුවේ වැඩිහරියක් ඉන්නේ උගත්කමක් නැති පුද්ගලයෝ කියලා.

අපි අභියෝග කරනවා ලංකාවේ අධ්‍යාපනය තුල එතුමා සහතිකයක් ලබා ගත්තා නම්, සහතිකයක් ලබා ගත්තා නම්, පුළුවන් නම් ඉදිරිපත් කරන්න. එතකොට හැමදෙනෙක්ම කියයි. ඔබතුමා උගතා අනිත් අය නූගත්තු කියලා.”

menu
menu