ආණ්ඩු වෙනස් වුනාට රටකට ස්ථිර විදේශ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි - පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් -  

ආණ්ඩු වෙනස්වන නමුත්, ස්ථිර විදේශ ප්‍රතිපත්තියක් රටකට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අද දවසේ පාර්ලිමේන්තු සභාව අමතමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් දැක්වූයේ, අප විසින් ජාත්‍යන්තරයට දුන් පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කළ බවත්, එමගින් අහිතකර ප්‍රතිපාක භුක්ති විඳීමට සිදුව ඇති බවත් ය.

එමෙන්ම මන්ත්‍රීවරයා විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවලදී මාධ්‍ය නිදහස තහවුරු කළ යුතු බව ද පෙන්වා දෙන ලදී.

menu
menu