බස් රථ තුල සිදුවන කාන්තා හිංසනය වැළැක්වීමට ගැජට් එකක්

කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට බස් රථවල සිදුවන හිංසන මෙන් ම වෙනත් වංචාකාරී ක්‍රියාවන් වළක්වා ගැනීමේ අරමුණින් බස් රථ සඳහා නව තාක්ෂණික මෙවලමක් ස්ථාපනය කිරීමට තීරණය කර තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ බස් රථ තුළ ස්ථාපනය කරන වෝකිටෝකි මාදිලියේ උපකරණයක් හරහා අදාළ අවස්ථාවේදීම එම අතවරය සම්බන්ධයෙන් දැනුවත් කළ හැකි බවයි.

මෙම මෙවලම GPS තාක්ෂණය හරහා සම්බන්ධ කර ඇති බවයි ඔහු පවසන්නේ.

එම උපකරණය හරහා දැනුම් දෙන විද්‍යුත් පැමිණිල්ල එම අවස්ථාවේ ම බස් රථයේ හිමිකරු, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට සහ ළඟම ඇති පොලිස් ස්ථානයට වාර්තා කෙරෙන බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරන අංශවලට අදාළ බස් රථය ලුහු බැඳ හිංසන කරන තැනැත්තා අත් අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

menu
menu