තැපැල් සේවකයින් සංකේත වැඩවර්ජනයක

දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 653ක සහ උප තැපැල් කාර්යාල 3,410 ක සියලුම සේවා කටයුතු අද (11) දිනයේ ක්‍රියාත්මක නොවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පලකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකය.

තැපැල් සේවකයින් විසින් ඊයේ පස්වරුවේ ආරම්භ කරනු ලැබූ පැය 48ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් ප්‍රවාහන කටයුතු සහ අද දිනයේ තැපැල් සේවා පැවැත්විමට අදාළ සියලු කටයුතු බිඳ වැටි ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර ප්‍රකාශ කර සිටී.

වැඩවර්ජනය සඳහා තැපැල් සේවකයින් 27,000ක් එක්ව සිටින බව ඔහු සඳහන් කළේ ය.

රුපියල් 20,000 ක දීමනාවක් ලබන ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ලබාදිය යුතු බවට බලකිරීම මෙම වැඩවර්ජනයේ තවත් අරමුණකි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර වැඩිදුරටත් පවසා සිටින්නේ, අද දිනයේ දිවයින පුරා සියලු තැපැල් කාර්යාල වසා දමා ඇති බවයි.

menu
menu