ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, ශ්‍රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ඊයේ (12) රාත්‍රියේ අවසන් කිරීමත් සමගයි.

දෙවැනි වාරිකය යටතේ, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 337ක් පමණ හිමිවීමට නියමිතය.

පසුගිය මාර්තු 20 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා අදාළ විස්තීරණ ණය පහසුකම අනුමත කරන ලදී.

ඒ, මෙරට ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහය ලබාදීම සඳහායි.

ණය පහසුකම යටතේ මෙරටට හිමි වූ පළමු වාරිකයේ වටිනාකම ඩොලර් මිලියන 330ක් පමණ වේ.

මේ අතර සිය X ගිණුමෙහි සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සටහන් කර ඇත්තේ,

"දෙවන වාරිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබීමත් සමග ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකළ අපට සහනදායි ආර්ථික කලාපයකට ඇතුළු වීමට හැකියාව ලැබී ඇති බවයි."

menu
menu