දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන ඔබට දැනුම්දීමක්  

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම කුඩා වාහන සඳහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිටවී පැති දෙකටම ( වැලිගම හා කනංකේ) යා නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ.

වැලිගම දෙසට අඩි 1 1/2 පමණ හා කනංකේ දෙසට අඩි 4 ක් පමණ, වැලිගම ඉමදුව පාරේ මෙලෙස වතුර පැමිණ තිබේ.

ඒ අනුව කොළඹ දෙසින් පැමිණෙන වාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද

මත්තල දෙසින් පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුවෙන් ද

පිටවීම සඳහා භාවිත කළ හැකි බවයි එම අධිකාරිය දැනුම් දෙයි.

menu
menu