අද සිට රට බිත්තර වෙළඳපොළට

ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) හා හෙට (14) වෙළෙඳපොළට නිකුත් කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, සතොස හරහා එම බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතින බවයි.

වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් බව ඔහු ප්‍රකාශ කළේ ය.

පාරිභෝගිකයින් පවසන්නේ මේ වනවිට බිත්තර මිල රුපියල් 60 ට වැඩි අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ද පැවසුවේ, බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි.

බිත්තර තොග සඟවා සිටීම මෙම තත්ත්වයක් ප්‍රධාන හේතුවක් බව ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එලෙස තොග සඟවා තබා ගන්නා ස්ථාන පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දුන් බවයි.

menu
menu