ෆාස්ටර් ජෙරම් යළි බන්ධනාගාරයට  

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දෙසැම්බර් 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔහු අද (13) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු දෙසැම්බර් 1 වන දින ඔහු ප්‍රථම වරට රිමාන්ඩ් භාරයට පත්කරන ලදී.

ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ අඛණ්ඩව දෙවන දිනටත් එම දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පරිශ්‍රයට පැමිණ පැය කිහිපයකට පසුව ය.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා නොවැම්බර් 30 වැනි දින රහස් පොලිසියට ප්‍රථම වරට පෙනී සිටි අතර පැය 08 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නේය.

දේව මෙහෙයන් අතරතුර අන්‍ය ආගම්වලට අපහාස වන පරිදි ප්‍රකාශ සිදුකිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබූ පැමිණිලි මත මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

menu
menu