හිඟුරක්ගොඩට ජාත්‍යන්තර ගුවන් තොටුපළක්  සමඟ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කර ඒ ආසන්නයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමේ සැළැස්මක් ඇති බවත්

එය ලබන වසරේදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ග්‍රාමීය මට්ටමින් කුඩා ක්‍රීඩාංගණ ඉදි කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 1.5ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවත්

සිදත් වෙත්තමුණි, අරවින්ද ද සිල්වා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු වන බවද අමාත්‍යවරයා විසින් පවසන ලදී.

මෙහිදී අදහස් දැක් වූ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ,

"ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නිර්මාණය වන තැන ජාත්‍යන්තර ගුවන් තොටුපළක් නිර්මාණය වීම විශේෂ දෙයක්. මේ නිසා ස්පෝර්ට් ටුවරිසම් වලට විශේෂ තැනක් හිමි වෙනවා.2024 වර්ෂය වන විට සම්පූර්ණයෙන්ම එම ක්‍රීඩාංගණය නිර්මාණය වී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා''

menu
menu