අධිවේගයේ කොක්මාදූව හුවමාරුවෙන් පිටවන රියැදුරන්ට දැනුම් දීමක්

කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට තවදුරටත් ගංවතුර තත්ත්වයක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.


පවතින අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.


මේ හේතුවෙන් කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද මත්තල සිට පැමිණෙන රථවාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමට කටයුතු කරන ලෙස සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

menu
menu