බරවා අවදානමක්

පුත්තලම දිස්ත්‍රික්කයේ බරවා රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී බුද්ධික චමිල මහතා පවසන්නේ, ග්‍රාමීය ප්‍රදේශවල මෙම රෝගය පැතිර යාමේ ඉහළ අවදානමක් පවතින බවය.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ ජපන්ජබර හා සැල්වේනියා වැනි ශාක ව්‍යාප්තිය බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"බරවා රෝගයේ තියෙනවා කොටස් දෙකක්. ග්‍රාමීය බරවා සහ නාගරික බරවා කියලා අපි රෝගය කොටස් දෙකකට වෙන් කරනවා. ග්‍රාමීය බරවා තත්ත්වය ඉස්සර ඉඳලම තිබුණා. ජපන්ජබර, සැල්වේනියා එක්ක තමා මේක ගොඩක් වෙලාවට බෝවෙන්නේ. මූල පද්ධතිය ආශ්‍රිතව පැන්සෝනියා කියන මදුරු විශේෂය බෝවෙනවා. දැනට අවුරුදු 5ට අඩු විශාල ප්‍රමාණයක් දරුවන්ට බරවා රෝගය ඇති වීමට තර්ජනයක් වෙනවා ග්‍රාමීය බරවා රෝගය. වැව්වල අපි දකින්නට ලැබෙනවා ජපන්ජබර, සැල්වේනියා. ඒවාගෙන් ලොකු තර්ජනයක් වෙනවා මඳුරු විශේෂ බෝවෙන්න. ඒක ගොඩක් වෙලාවට ඉවත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ මඳුරු ගහණය ගොඩක් වෙලාවට අඩුකර ගන්න හැකියාවක් තියෙනවා. පුත්තලම දිස්ත්‍රික්කය තුළ දැනට වැඩිපුරම වාර්තා වෙන්නේ ග්‍රාමීය බරවා රෝගය."

menu
menu