ලිට්‍රෝ ගෑස් මිල ඉහලට

බදු ඉහළ දැමීමත් සමග අකමැත්තෙන් වුවද ගෑස් මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවන ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටී.

ඒ අනුව එළඹෙන ජනවාරි මාසයේ සිට ගෑස් මිල ඉහළ යනු ඇත.

එහි සභාපති මුදිත පිරිස් මහතා පැවසුවේ මේ අනුව දැනට රුපියල් 3565ක් වන කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් 18%කින් ඉහළ යන බවය.

එනම් එම ගෑස් සිලින්ඩරයක් රුපියල් 640කින් පමණ ඉහල යනු ඇත.

2024 ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18%ක් ගෑස් සඳහා එක්වීමෙන් මෙසේ මිල වන බව සමාගම කියා සිටී.

menu
menu