බදු නිසා පාසල් උපකරණ මිල ඉහලට

ජනවාරි මාසයේ සිට පාසල් උපකරණ මත VAT බදු පැනවීමත් සමඟ පාසල් උපකරණ මිල පවතින මිලට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිල ඉහළ යාමට හැකි බව පොත් හල් හිමියන් පවසනවා.

ආනයනික පාසල් උපකරණ මිළ කොපමණ අගයකින් ඉහළ යන අගය දැන්ම පැවසිය නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

ලබන වසරට අවශ්‍ය පොත් පත් ඇතුළු පාසල් උපකරණ මේ වසර අවසන් වීමට පෙර මිලදී ගැනීම වඩා සුදුසු බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.


ඇතැම් පාසල් උපකරණවල මිල පසුගිය මාසයේ පැවති මිලට වඩා සාපේක්ෂව දැනටමත් ඉහළ ගොස් ඇති බව වෙළඳුන් පවසනවා.

menu
menu