කැලණිය විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු යළි ආරම්භ වෙයි  

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දැමුණු තවත් පීඨ 2ක අධ්‍යයන කටයුතු අද(18) යළි ආරම්භ වෙයි.

ඒ අනුව මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ අධ්‍යයන කටයුතු සඳහා අද දිනයේ විවෘත කිරීමට නියමිතය.

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය, විද්‍යා පීඨය සහ පරිඝනක හා තාක්ෂණ පීඨ පසුගිය 11 වැනිදා විවෘත කෙරිණ .

කැළණිය විශ්විවිද්‍යාලයේ පීඨ එලෙස වසා දැමුවේ පසුගිය 4 වැනිදා ය.

ඒ, විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සහ තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් රඳවා ගැනීම යන සිදුවීම් පදනම් කරගනිමිනි.

menu
menu