මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කල රේනුක දුෂ්‍යන්ත පෙරේරා අද (18) සිට තම සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට මෙම තනතුරේ කටයුතු කිරීමට තව මාසයක කාලයක් තිබුණද, මිල්කෝ ආයතනය පෞද්ගලිකකරණය කිරීමට දේශීය හා ඉන්දියානු සමාගමක් සමඟ ඒකබද්ධව කටයුතු කරන බැවින් තමන් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

පසුගිය සති කිහිපය පුරාවටම මිල්කෝ ආයතන සේවකයින් රේණුක පෙරේරාට තනතුරින් ඉල්ලා අස්වන ලෙසට බල කරමින් විරෝධතාවල නිරත විය.

සේවකයින් චෝදනා කළේ ලාබ ලබමින් පැවති මිල්කෝ ආයතනය රේණුක පෙරේරාගේ පාලන කාලය තුළ පාඩු ලබන තත්ත්වයට පත් වූ බවයි.

menu
menu