පොහොට්ටු මූලස්ථානයට දැඩි ආරක්ෂාවක්

ජන අරගල ව්‍යාපාරයේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් අද (18) නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ සාගර කාරියවසම් මහතාට විරෝධය පළ කර සිටියහ.

ඒ පසුගිය දා සාගර කාරියවරම් විසින් පොහොට්ටු සම්මේලනයේ දී “දරුවන්ගෙන් 3% කුහකයෝ” යැයි කළ ප්‍රකාශයකට එරෙහිවයි.

බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට මේ වන විට පොලිසිය සහ හමුදාව කැඳවා තිබෙන බවට ද වාර්තා වේ.

ඒ එහි යම් නොසන්සුන්තාවක් ඇති වන බවට ලද තොරතුරු හේතුවෙනි.

මෙහිදී විරෝධතාකරුවන් විසින් පුන්නක්කු බාල්දියක් ද රැගෙන විත් තිබූ අතර,

“මේ පුන්නක්කු ටික ගෙනාවේ සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටුවේ උන්ට කවන්න. ඒ කිව්ව ප්‍රකාශයට පිළිතුරු වශයෙන්. සාගර කාරියවසම් ඇතුළු ගෝලයෝ ටික මේ පුන්නක්කු ටික කාපල්ලා” යනුවෙන් ප්‍රකාශ කර තිබේ

menu
menu