ඔළුගෙඩි  මාරු වුනාට ක්‍රිකට් ගොඩ දාන්න බැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට නම් අවම වශයෙන් වසර 10ක වත් සැලැස්මකට අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන පවසයි.

තේරීම් කමිටුවේ ඔළුගෙඩි මාරුවකින් පමණක් වෙනසක් නොවන බවත් ඒ සඳහා අවම වසර 10 ක සැලැස්මක් අනුව කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම කණ්ඩායමක නායකයෙක් සාදනවා නම් එම නායකයා අවුරුදු 5 කට හෝ නායකත්වය දැරිය හැකි පුද්ගලයෙක් නායකයා ලෙස තෝරාගත යුතු බවත් දැන් සිදුකළ යුත්තේ 2027 ලෝක කුසලානය සඳහා අවශ්‍ය නායකයා තෝරා ගැනීම බව හෙතෙම පෙන්වා දෙයි.

මේ වන විට ක්‍රිකට්වල ඇත්තේ තාවකාලික පසුබෑමක් නිසා එය අනාගතයේදී නිවැරදි වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් සැලැස්මක් අනුව කටයුතු කළහොත් වැඩිකල් යාමට මත්තෙන් ඉදිරියට පැමිණීමට හැකිවනු ඇති බවයි කුමාර් ධර්මසේන වැඩිදුරටත් සඳහන් කලේය.

menu
menu