නව කොවිඩ් ප්‍රභේදය තවත් රටවල් 2ක සීඝ්‍රයෙන් පැතිරෙයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වූ JN.1 නමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් සිංගප්පූරුවේ ද ආසාදිතයන් වැඩි වීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මේ වනවිට ඇමෙරිකාවේ ද කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්න ලැබෙන අතර ඊට හේතුව ද JN.1 වෛරසය ප්‍රභේදය බව එරට වසංගත රෝග පාලනය සහ ව්‍යාප්තිය වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

JN.1 යනු කොවිඩ් 19 ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයේ B.A.2.86 නමැති උප ප්‍රභේදය විකෘති වී නිර්මාණය වූ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයේ වෛරසයක් වේ.

කෙසේවෙතත් මුව ආවරණ පැළඳීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යාම මඟින් මෙයින් ආරක්ෂා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.

menu
menu