කලා අයිතීන් රකින්න නව නීතියක්

කලා නිර්මාණ ආරක්ෂා කරන නීති කෙටුම්පත සැකසීම සඳහා කලාකරුවන්ගේ අදහස් යෝජනා ලබා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කලාකරුවන්ගේ වෘත්තීය සංවර්ධනය, සංස්කෘතික ආරක්‍ෂාව සහ වෘත්තීය සුභසාධනය සඳහා මෙම නීති කෙටුම්පත සකසන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් සම්මුතීන් වල උපමාන ඇසුරු කරගෙන දේශීය කලාකරුවන්ගේ නිර්මාණ සහ වෘත්තීය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මෙම නීති කෙටුම්පස් සකසනු ලබයි.

සියලු කලාකරුවන්ගේ අදහස් සැලකිල්ලට ගෙන මූලික වාර්තාවක් සැකසීම සඳහා ප්‍රවීණ ගායනවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් විසි දෙනකුගෙන් යුතු කමිටුවක්ද පත් කරනු ලැබ ඇති අතර එම කමිටුවේ යෝජනා ජනවාරි 20 වැනිදාට පෙර අධිකරණ අමාත්‍යවරයාට ලබාදීමට නියමිතව ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි.

menu
menu