ලෝක වෙළඳපොලේ තෙල් මිල වෙනස් වෙයි

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ස්ථාවර මට්ටමකට පත් වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

රතු මුහුද ඔස්සේ යාත්‍රා කළ නැව් ඉලක්ක කර යේමනයේ හූති කැරලිකරුවන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම නිසා ඇතිවූ බලපෑම යම් තරමකින් සමනය වී තිබීම ඊට එක හේතුවක් ලෙස දැක්වේ.

එහෙත් මැද පෙරදිග යුද භීතිය වර්ධනය වීම බොර තෙල් වෙළෙඳපොළට ඝෘණාත්මකව බලපෑ හැකි බව සඳහන්ය.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 79.75ක් ලෙසත් WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 74.06ක් ලෙසත් දැක්විණි.

ඊයේ (27) දිනය වනවිය බොර තෙල් මිල 2% පමණ පහළ ගොස් තිබිණි

menu
menu