නැවත කොවිඩ් අවදානමක්  

එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු වමනය හේතුවෙන් පසුගිය 25 වැනි දින ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පැය 02කට පසුව මිය යාමේ සිදුවීමක් වාර්තා වේ.

පසුව කළ කොවිඩ් පරීක්ෂාවකදී හෙළි වී ඇත්තේ, මියගිය කාන්තාව කොවිඩ් ආසාදිත බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ, යක්කල, කොස්කඳවල ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.කේ. පේමවතී නමැති 63 හැවිරිදි විවාහක කාන්තාවකි.

මියගිය තැනැත්තියගේ වැඩිමහල් සොහොයුරිය ද කොවිඩ් පරීක්ෂණයකට ලක්කර ඇති අතර , ඇය ද කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි වීරඟුල පොලිසිය අනාවරණය කර තිබේ.

ආසාදිත කාන්තාව තවදුරටත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

menu
menu