ගෑස්  හා ඉන්ධන බදු වලින් නිදහස්

ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඉන්ධන සහ එල්.පී. ගෑස් මිල කෙරෙහි බලපාන වෙනස්කම් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ.

18%ක වැට් බදු ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඉන්ධන සහ LP ගෑස් මිල ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ඉන්ධන සහ LP ගෑස් සඳහා මෙ‍තෙක් පැවති 7.5%ක වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බද්ද (PAL) ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටින්නේ 2024 ජනවාරි 01 දින සිට වැට් බද්ද ක්‍රියාත්මක වූ පසු ඉන්ධන සහ ළ්ඵ් ගෑස් සඳහා වන වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) ඉවත් කරන බවය.

menu
menu