මූල්‍ය ආයතන නියාමනය වෙනුවෙන් නව අධිකාරියක්

මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රියාවලිය මහ බැංකුව නිසි ආකාරයෙන් ඉටු නොකිරීම නිසා ඉදිරියේදී එම කටයුතු සිදුකිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ ඊයේ (28) දිනයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී හෙතෙම පෙන්වා දුන්නේ, 2005 වසරෙන් පසු නිසි ලෙස ආර්ථිකය පාලනය කිරීමට මහ බැංකුවට නොහැකිවීම හේතුවෙන් වර්තමාන ආර්ථික කඩා වැටීම සිදුවී ඇති බවය.

බදු පැනවීම හේතුවෙන් කෙටිකාලීනව පීඩාවට පත්වුවද දිගුකාලීන ප්‍රතිලාභ අත්විය හැකි බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කරයි.

menu
menu