චීනයෙන් ගෙන්වූ මස් තොගයක සූකර උණ

නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකාණු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී තිබේ.

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මේ බව තහවුරු කරන ලදී.

එහි සභාපති සිසිර පියසිරි මහතා සඳහන් කළේ, මෙම මස් තොගය විනාශ කිරීමට පියවර නොගත හොත් ඉදිරියේදී සත්ත්ව පාලන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවය.

menu
menu