ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් රික්ටර් පරිමාණයේ 4.8 ක භූ කම්පනයක් සිදුව තිබේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය සංජය පෙරේරා ප්‍රකාශකර සිටියේ, දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර දහසක් පමණ දුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ පොළොව මතුපිට සිට කිලෝමීටර 10 ක් පමණ ගැඹුරැති මුහුදේ සිදුවූ මෙම භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නොමැති බවයි.

එමෙන්ම මෙම භූ කම්පනය මෙරට පිහිටි භූ කම්පන මාන හතරෙහි සටහන්ව තිබේ.

menu
menu