සරම්ප රෝගයේ ව්‍යාප්තියක්

මේ වනවිට දිවයින පුරා සරම්ප රෝගය ව්‍යාප්ත වන බැවින් මාස 06-09 වයස්වල පසුවන දරුවන් වෙනුවෙන් අමතර සරම්ප එන්නත් ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පාලිත මහිපාල පවසයි.

ඒ අනුව මෙම එන්නත් ලබා දීම ලබන ජනවාරි මස 06 වනදා සිට දිස්ත්‍රික්ක 09ක පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා සිදු වන බව වාර්තා වේ.

මේ වසරේ මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සරම්ප රෝගීන් 700කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවයි සඳහන් වන්නේ.

menu
menu