ටියුෂන් පන්ති තහනමක්

මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් තහනම් වෙයි.

ඒ අනුව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දීම හා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඒ පිළිබඳ ප්‍රචාරය කිරීම ද තහනම් වේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ , එවැනි කටයුතු සිදුකරන පුද්ගලයින් හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

මෙවර අපොස උසස් පෙළ විභාගය ලබන මස 4 වැනිදා ආරම්භ වන අතර 31 වැනිදා දක්වා එය පැවැත්වෙයි.

menu
menu