හෙට සිට ඇරඹෙන විදුලිබල මණ්ඩල සේවක විරෝධතාවය

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ, අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දෙන බවය.

"කාංචනට ඕනේ රනිල් එක්ක එකතුවෙලා මේක විකුණන්න. පාර්ලිමේන්තුවේ දී හිතුවක්කාර විදියට මේක සම්මත කරනවා නම්, එදාට ලංකා විදුලිබල මණ්ඩලයේ දැවැන්ත වර්ජනයකට යනවා. අපි ඒකමතික තීන්දුවක් ගත්තා තෙදිනක් ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පවත්වන්න. වහාම මේ වනත හකුළ ගනින් කියලා. නොසලකා හිටියොත්, අපි විවෘත අභියෝගයක් කරනවා කාංචනට. පුළුවන් නම් මේක පාර්ලිමේන්තු ගේන්න. එදාට අපි ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් අපි දොරකොඩට ගේනවා."

menu
menu