උසස් පෙළ කාලසටහනේ වෙනසක්

උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධානය යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා,

“මෙවර අලුත් විෂයක් එකතුවෙලා තියෙනවා. කොරියානු භාෂාව. ඒ විෂය එකතු කිරීමට යෑමේ දී කාලසටහනේ පුංචි වෙනස්කම් කිහිපයක් සිදුකරන්නට වුණා. ඒ නිසා මම සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා පෙර පැවති කාලසටහන පාවිච්චි කරන්නට එපා. මොකද සමහර වෙබ් අඩවිවල මේ කාලසටහන වැරදි විදියට දක්වලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපේක්ෂකයින්ට පහසුවෙන්න අපි ප්‍රවේශපත්‍රයේම මේ කාලසටහන දක්වලා තියෙනවා. ඒ නිසා කිසිදු වෙනත් තොරතුරකට යන්න අවශ්‍ය නෑ. ඔබේ ප්‍රවේශපත්‍රය ගත්තහම එකේ වෙන්කර ගන්න කොටසක් තියෙනවා. ඒ කොටසේ ඔබ ඉල්ලුම් කළ විෂයන්වලට අදාළ දිනය විෂය අංකය, මොන පත්‍රය ද, මාධ්‍ය, ඒ විෂය පැවැත්වෙන වේලාව සඳහන් කර තිබෙනවා. එය ප්‍රමාණවත්. ඔබ වෙන කිසිදු දෙයක් සොයන්නට අවශ්‍ය නෑ කාලසටහන පිළිබඳව…”

menu
menu