දිලිත් ජයවීර සිය සමාගම්වලින් ඉවත් වෙයි  

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර ඔහුගේ සභාපතිත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරන සියලු සමාගම්වලින් ජනවාරි පළමුදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, දෙරණ නාලිකාව පවත්වාගෙන යන පවර් හවුස් සමාගම සහ අරුණ පුවත්පත පවත්වාගෙන යන ලිබර්ටි පබ්ලිෂර්ස් ඇතුළු සමාගම් 24කින් ඔහු ඉල්ලා අස් වී තිබේ

මෙම ඉල්ලා අස්වීමට හේතුව වී ඇත්තේ මව්බිම ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඔහු ගෙන ඇති තීරණය යි.

දැනට සඳහන් ආරංචි මාර්ග අනුව මේ වන විට දිලිත් ජයවීර ව්‍යාපාර ලෝකයෙන් ඈත්ව පූර්ණකාලීන දේශපාලනයට යොමුව සිටී.

menu
menu