බදු අංක ලබා නොගන්නා අයට එරෙහිව පියවර ගත හැකියි - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය -  

බදු අංකයක් ලබාගැනීමේ ක්‍රමවේදයට අනුගත නොවන පුද්ගලයන්ට රුපියල් 50,000 ක දඩ මුදලක් අය කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතත්, එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද (03) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයින් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්යය කිරීමට රජය පියවර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

"රටේ අනාගතය ගැන හිතලා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළ ද, ඒ තුළින් රටේ ජනතාව පීඩාවට පත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ."

"බදු ලිපිගොනුවක් විවෘත කර අංකයක් ලබාගැනීම අනිවාර්ය වුණත් ඒ සියලුදෙනා බදු ගෙවිය යුතුයි යන්න ඉන් කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ. දැනට මාසයකට රුපියල් ලක්ෂයකට වැඩි ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් පමණයි බද්දක් ගෙවන්න වෙන්නේ."

menu
menu