උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

අ.පො.ස උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වන අතර, ලබන 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

සියලුම සිසුන්ට පැය භාගයකට පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉල්ලා සිටී.

මෙවර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,300ක දී පැවැත්වන බව සඳහන්ය.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බාධාවකින් තොරව විභාගය පැවැත්වීම වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ.

menu
menu