දින දින ඉහළ යන මාළු මිල

මේ වන විට වෙළඳෙපොලෙහි මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව සාමාන්‍ය වෙළඳපොලේ කෙළවල්ලා කිලෝවක් රුපියල් 2400ත් 2600ත් අතර මිලකට අලෙවි වේ.

එමෙන්ම, තලපත් කිලෝවක් 3200 – 3400 අතර මිලකට ද, ඇටවල්ලා කිලෝවක් 1500කටත්, ඉස්සන් කිලෝවක් 1600ක මිලකටත්, සාලයා කිලෝවක් රුපියල් 650කටත්, ලින්නා කිලෝවක් 1000කටත් අලෙවි වන බවට සඳහන් වේ.

පසුගිය දිනවලට සාපේක්ෂව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙහි ද මාළු මිල ගණන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කෙළවල්ලා කිලෝව රුපියල් රු 1500ට ද, බලයා කිලෝවක් 900ටත්, තලපත් කිලෝවක් 2000කටත්, සාලයා කිලෝවක් 400කටත්, ලින්නා කිලෝවක් 850කටත් , ගල් මාලු කිලෝවක් රු.900ක මුදලකට අලෙවි වී ඇත.

කෙසේ වෙතත්, ධීවර ප්‍රජාව සඳහන් කරන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සහ ඉන්ධන මිල ඉහළ යෑම සමඟ මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

menu
menu