ඩිල්ෂාන්ට ජාත්‍යන්තර ඇගයීමක්

2023 වසර සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නාම එළිදක්වා තිබේ.

එම නිර්දේශිත නාම අතරට රටවල් හතරකින් ක්‍රීඩකයින් හතර දෙනෙකුගේ නාමයන් නිර්දේශ කර ඇත.

ඔවුන් අතරට ශ්‍රී ලංකාවේ වමත් පන්දු යවන දක්ෂ ක්‍රීඩකයෙකු වන ඩිල්ෂාන් මදුශංක ද නිර්දේශ වී තිබේ.

මීට අමතරව නවසීලන්ත ක්‍රීඩක Rachin Ravindra, දකුණු අප්‍රිකාවේ Gerald Coetzee සහ ඉන්දීය ක්‍රීඩක ‍Yashasvi Jaiswal ද මෙම නිර්දේශිත නාම අතරට එක්වූවන් ය.

menu
menu