විදුලි බිලෙන් දැනෙන සහනයක්

පසුගිය වසරේ ඔක්තෝබර් මාස 18% කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් 50% ක් පමණ හැකි ඉක්මණින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා අද (4) පැවසීය.

පසුගිය මාස තුනක කාලය තුළ අඛණ්ඩව ලැබුණු වර්ෂාවේ වාසිය ජනතාවට දීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ජලයෙන් විදුලිය ජනනය කිරීමෙන් ලැබූ ලාභය අනිවාර්යෙන් මහජනතාවට ලැබිය යුතු යන තීරණයේ ලංකා විදුලිබල මණ්ඩලය සිටින බවත් ඒ මහතා කීය.

විදුලි ගාස්තු අඩුකිරීමේ යෝජනාව මේ මස 15 වැනිදාට පෙර මහජන උපයෝගිතා කොමිසමට යොමු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ පසුගිය වසරේ අවසන් ගිණුම් වාර්තාවල අන්තර් ගිණුම් වාර්තා මේ වන විට සකස් කරමින් සිටින බවත් එම වාර්තා සකස් කළ වහාම විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යොමු කළ හැකි බවත් ඒ මහතා විසින් පවසන ලදී.

menu
menu