දේශීය වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීමට නව පියවර රැසක්  

සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

පාරම්පරික වෛද්‍යවරුන්ට බලපාන ගැටලු විසඳාගැනීම සහ දේශීය වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කාර්යංශයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් ආයුර්වේද සංස්ථාවේ මූලිකත්වයෙන් ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන (බොඩි මන්ත්‍ර) දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වාදෙන බව බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය.

menu
menu