රනිල් ජනපති සටනට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව අද (9) ඒකමතිකව තීරණය කළේය.

ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී එජාප කළමනාකරණ කමිටුව රැස්වූ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ

menu
menu