ජනපති ලෝක ආර්ථික සමුළුවට යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා හෙට (13) පිටත්ව යයි.

ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ද හමුවීමට නියමිතව ඇත.

රට බංකොලොත් වීම නිසා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නොහැකි වූ අතර මෙවර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව පවතී.

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ලබන 18 වැනිදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා ලබන 24 වැනිදා නැවත දිවයිනට පැමිණෙයි.

menu
menu