මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගන්නවා

මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ‍ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

එමඟින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය පැවසුවේ

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ සංචාරකයන්ගේ පැමිණීම සියයට 106කින් වැඩි වී තිබූ බවද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පැවසුවා.

එමෙන්ම, සංචාරක කර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්හි සාර්ථකත්වය මේ තුළින් පෙන්නුම් කරන අතර සංචාරක කර්මාන්තය තුළ තවදුරටත් විසඳිය යුතු ප්‍රශ්න පවතින බවද ඇය සඳහන් කළා

menu
menu