ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිහීම ගැන මැතිව්ස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු තේරීම් කමිටුව සිය පෞද්ගලික න්‍යාය පත්‍ර සහ යටි අරමුණු ඉටුකර ගැනීමේ අරමුණින් කටයුතු කිරීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අඩියටම වැටුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් විසින් ප්‍රකාශ කරන ලදී.

සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ පැවති පළමු පන්දු වාර විස්ස තරගය ජයග්‍රහණය කිරීම සඳහා පිතිකරණයෙන් දායකත්වයක් සැපයූ ඇන්ජලෝ මැතිව්ස් මේ බව සඳහන් කළේ තරගයෙන් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඔහු චෝදනා එල්ල කළේ තමන් දක්ෂතා අතර සිටියත්, වසර 3 ක් ජාත්‍යන්තර පන්දු වාර විස්ස තරගවලින් ඉවත් කර තැබීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ තේරීම් කමිටුව කටයුතු කළ බවයි.

menu
menu